Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Tuesday, August 6, 2013

දූරියන්

දූරියන් : Durio zibethius Murray

Fruits_durian1

හැදින්වීම

පළතුරු අතරින් ආසියාවේ ජනප්‍රිය පළතුරක් වන දූරියන් එයටම විශේෂිත සුවඳක් ද අධික පෝෂණ ගුණයක් හා මනා මාංසල බවද නිසා නිවර්තන පළතුරු අතර රජු ලෙස බොහෝ රටවල හඳුන්වයි. ලංකාවේ තවමත් බහුලව වාණිජ ලෙස වගා නොකලද තායිලන්තය, මලයාසියාව වැනි රටවල ඉතා ලාභදායී වාණිජ වගාවක් වශයෙන් වගා කරන පළතුරක් වේ.

ගිණිකොනදිග ආසියාවේ මැලේසියාණු අර්ධද්වීපයේ සම්භවය ලැබූ දුරියන් ලොව ප්‍රචලිත ජනප්‍රිය පළතුරකි. දූරියෝ සිබතිකස් (Durio Zibethinus) උද්භිත විද්‍යාත්මකව හැඳින්වෙන දූරියන් බොම්බකාසියේ (Bombacaceae) ශාක කුලයට අයත් පළතුරකි. මේ ‍බෝගය ස්වභාවිකව මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව, බෝර්නියෝ දූපත් හා නිව්ගිනි දූපත් හා පැතිරී ඇති වගාවක් වන අතර මෙය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය, වියට්නාමය, ඕස්ට්‍රේලියාව යන රටවලට පසුව හඳුන්වා දී ඇත.

පෝෂණ අගයකෑමට ගන්නා කොටසේ 100g ක අඩංගු පෝෂණය
පෝෂක ප්‍රමාණය
ජලය58.0 ග්‍රෑම්
ශක්තිය183.0 කි.කැ.
මාංශ ජනකධාතු   2.8 ග්‍රෑම්
මේදය3.9 ග්‍රෑම්
පිෂ්ඨ ධාතු   34.1ග්‍රෑම
කැලිසියම්10.0 මිලි ග්‍රෑම්
පොස්ෆරස්  50.0 මිලි ග්‍රෑම්
යකඩ   1.0 මිලි ග්‍රෑම්
කැරෝටින්12.0 මයික්‍රො ග්‍රෑම
තයමින්  40 මයික්‍රො ග්‍රෑම
රයිබෝ ජලෙමින්250 මයික්‍රො ග්‍රෑම්
නියසින්0.2 මිලි ග්‍රෑම්
විටමින්57 මිලි ග්‍රෑම්

සාමාන්‍යයෙන් දූරියන් ගෙඩියක් බර ග්‍රෑම් 800 ක සිට කිලෝ ග්‍රෑම් 2.1 දක්වා වෙනස් වන අතර ඉන් 60% - 80% අතර බර ප්‍රමාණය ලෙලි බර වේ. බීජ බර ප්‍රමාණය 7% - 8% ක් අතර වේ. කෑමට ගනු ලබන බීජ රහිත මදුලු වල බර 9% - 25% අතර වෙනස් වේ. තායිලන්තය, මැලේසියාව වැනි රටවල දියුණුකර ඇති දූරියන් වර්ගවල මදුලු බර ප්‍රතිශතය 20% - 35% අතර දක්වා වේ. මදුලු ග්‍රෑම් 100 ශක්තිජනක අගය කිලෝ ජුල් 820 වේ. එබැවින් දූරියන් ඉතාම පෝෂ්‍යදායී ශක්තිජනක පළතුරකි. දූරියන් වලටම විශේෂිතවූ ගන්ධය එහි ඇති සල්ෆියිඩ, එස්ටර, තයෝඊතර හා නයෝල් වැනි රසායනික ද්‍රව්‍ය මඟින් ඇති වේ.

ප්‍රභේද
දූරියන් ප්‍රභේද 2 ක් වගා කිරීමට නිර්දේශ කර ඇත.

කසුන්

  • මදුලේ ස්වභාවය වරකා ආකාරය.
  • එහි පැහැය කහ පැහැතිය.
  • ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 16කි.
  • පාරිභෝගික රුචිකත්වය ඉහලයි.

අඹතැන්න

  • මදුලේ ස්වභාවික වරකා ආකාරය
  • මදුල ක්‍රීම් පාටයි.
  • ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 1.5
  • පාරිභෝගික රුචිකත්වය ඉහලයි.
වගා කළ හැකි දේශගුණික කලාප හා පාංශු තත්ත්වයන්
පහතරට හා මැදරට තෙත් කලාපයේ හොදින් වැඩෙන දූරියන් සඳහා වර්ෂය පුරා වැඩි ආර්ද්‍රතාවයක් අවශ්‍ය වේ. තෙත් කලාපයේ දිස්ත්‍රික් අතරින් ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, රත්නපුර, මාතර සමහර ප්‍රදේශත් නුවර, මාතලේ, කෑගල්ල ආශ්‍රත ප්‍රදේශ දූරියන් වගාව සඳහා වඩාත් යෝග්‍ය වේ. සාර්ථක දූරියන් වගාවක් සඳහා උෂ්ණත්ව පරාසය වනුයේ 27oC - 30oC වේ. එමෙන්ම 75% - 80% ආර්ද්‍රතාවයක් මනා වර්ධනයක් සඳහා අවශ්‍ය වේ. දූරියන් වගාව සඳහා යෝග්‍ය උච්ඡත්වය වන්නේ මීටර් 50 - 600 දක්වා වන අතර ඉහළ උච්ඡත්ව වලදී ගෙඩියේ ගුණාත්මයට හානි විය හැකිය. දූරිය වගාව සඳහා යෝග්‍ය වර්ෂාපතනය වන්නේ මිලි මීටර් 2000 - 5000 ය. වසරකට මාස 9 සිට මාස 11 දක්වා තෙත කාළගුණයක් පැවතිය යුතුය. හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය හොඳින් අඩංගු ගැඹුරු වැලි ලොම් පසක් ඉතා සුදුසු වේ. පොළොව මතුපිට සිට අවම වශයෙන් මීටර් 2 ක් වත් ගැඹුරින් භූගත ජල මට්ටම පිහිටීම සාර්ථක වගාවක් සඳහා වැදගත් වේ.

ප්‍රචාරණය
Fruits_durian2

දූරියන් පැළ ප්‍රචාරණයට බීජ මඟින් හා බද්ධ කිරීම මඟින් ලබාගත හැකිය. බීජ පැළ වර්ධනය අධික බැවින්ද අස්වනු ලබාදීමට ගතවන කාලය වැඩි බැවින් හා ලැබෙන ඵල වල ගුණාතමය වෙනස් වන බැවින්ද වාණිජ වගාවක් ලෙස භාවිතා කිරීමට නුසුදුසුය. අවුරුදු 4 - 5 ක් වැනි කෙටි කාලයක් තුලදී ඵල ලබා ගත හැකි බැවින්ද අනුජය ලබාගන්නා ගසේ ඵල වල ගුණාත්මයට සමාන ගුණාත්මයෙන් යුත් ඵල ලැබෙන බැවින් පහළ සිට තිරස් අතට පැතිරෙන අතුවල ඵල හටගන්නා බැවින්ද වාණිජ වගාවන් සඳහා බද්ධ දූරියන් පැළ යොදාගනු ලැබේ.

මධ්‍යස්ථ ප්‍රමාණයේ බීජ ඇති නීරෝගී ගසක ගෙඩි වලින් ලබා ගන්නා බීජ වහාම වැලි තවානක ප්‍රරෝහණය කළ යුතුය. බීජ ප්‍රරෝහණය වූ පසු එය මතුපිට පස්, වැලි සහ කොම්පෝස්ට් 1 : 1 : 1 මිශ්‍රණය පිරවූ අඟල් 8 x 11 පොලිතීන් මළු වලට මාරුකර සෙවනේ තබනු ලැබේ. සති 2 - 4 පමණ වර්ධනය වූ පසු එම ග්‍රාහක පැළ කූඤ්ඤ බද්ධය මඟින් බද්ධ කළ හැකිය. බද්ධය සඳහා අවශ්‍ය අනුජ ගුණාත්මයකින් යුත් ගසකින් ලබා ගත යුතුය. බද්ධය වෙළුම් පටියකින් වෙලා පාරදෘෂ්‍ය පොලිතීන් කවරයකින් වසා සෙවනක් සහිත ස්ථානයක තැබිය යුතුයි. සති 2 - 3 පසු බද්ධය වර්ධනය වී ඇති විට පොලිතීන් කවරය ඉවත් කර සෙවන ස්ථානයක තබන්න. කේෂ්ත්‍රය සාර්ථකව ස්ථාපනය කිරීම සඳහා අඩි 1 - 2 පමණ උසට වැඩුණු පැළ භාවිතා කිරීම සුදුසුය.

පරතරය

මීටර් 10 x 10 වේ.

මීටර් 10 x 07 පරතරයට සිටුවීමෙන් බිම් කොටසක ඇති පැළ ගණන වැඩි කර ගත හැකිය.

පැළ සිටුවීම

පැළ සිටුවීම සඳහා අඩි 2 1/2 x 2 1/2 x 2 1/2 වලවල් අවශ්‍ය වේ. සිටුවීමට සති 2 කට පමණ පෙර මතුපිට පස් හා හොදින් දිරාපත් වූ කොම්පෝස්ට් මිශ්‍රණයකින් වලවල් පිරවිය යුතුයි.

පැළ සිටුවා එය වටා පිඳුරු, කාබනික වැනි ආවරණයක් යෙදීම සුදුසුය. පළමු වසර තුල 70 % ක් පමණ සෙවන ලබා දෙන දැලකින් පැළය වැසීම, පැළයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ජල සම්පාදනය වැදගත් වේ. වර්ෂාව නොමැති විට සතියකට වරක් ජලය සම්පාදනය කිරීම සුදුසුය.

සිටුවා මුල් කාලයේ සිටම පැළ පුහුණු කිරීම ආරම්භ කළ යුතුය. බද්ධ පැළ වල ග්‍රාහකයෙන් පැණනගින රිකිළි ඉවත් කරන්න. පැළය කෙළින් එක කඳක් සේ වැඩීමට සලස්වන්න. එක ගසකට ගස වටා පැතිරුණු අතු 10 - 15 පමණ ඉතිරි කරන්න. අතු අතර පරතරය සෙන්ටි මීටර් 15 - 20 පමණ වන සේ ඉතිරි අතු කපා දමන්න.

වල් පැලෑටි පාලනය
කුඩා කාලයේදී පැළ වටා ඇති වල් අතින් උදුරා වල් පැළෑටි වලින් තොරව තබා ගන්න. වසුන් යෙදීමෙන්ද වල් පැළෑටි වලින් තොරව තබාගන්න. උදුළුගෑමෙන්ද මුල් වලට හානි සිදුවිය හැකි බැවින් අතින් පමණක් වල් නෙලන්න.

රසායනික පොහොර නිර්දේශය
තෙත් කලාපය සඳහා
ආකාරය යොදන කාලයවර්ගය ප්‍රමාණය
හුණු යෙදීම සිටුවීමට සති 02 කට පෙරඩොලමයිට්ග්‍රෑම් 500 ක් වලකට
කාබනික පොහොර යෙදීමසිටුවීමට සති 2 කට පෙරකුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්කිලෝ ග්‍රෑම් 10 ක් වලකට
රසායනික පොහොර  වර්ගය සහ ප්‍රමාණය ග්‍රෑම් ගසකටපෝෂක ප්‍රමාණය
ග්‍රෑම් පැලයකට
යොදන කාලයයුරියාTSPMOP-N   P2O5 K2O   MgO 
සිටුවීමට පෙර 4060/100 30-182818-
පළමු අවුරුද්ද මාස 4 වරක්4060/10030201828185
02වන අවුරුද්ද මාස 4 වරක්80120/20060-365636-
03වන අවුරුද්ද මාස 4 වරක්160120/3001204074847210
04වන අවුරුද්ද මාස 4 වරක්240240/40018040110112108-
05වන අවුරුද්ද මාස 4 වරක්  320300/5002408014714014420
ගෙඩි හටගන්නා ගස් සඳහා
ප්‍රධාන අස්වැන්න ගත් විට45055026010020712615624
මල් හටගැනීමෙන් පසු150550260-69126156-

අළුහුණු යෙදිය යුත්තේ PH අගය <5 පමණි.

රසායනික පොහොර නිර්දේශය
තෙත් කලාපය සඳහා

ආකාරය යොදන කාලයවර්ගය ප්‍රමාණය
හුණු යෙදීම සිටුවීමට සති 02 කට පෙරඩොලමයිට්ග්‍රෑම් 500 ක් වලකට
කාබනික පොහොර යෙදීමසිටුවීමට සති 2 කට පෙරකුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්කිලෝ ග්‍රෑම් 10 ක් වලකට
රසායනික පොහොර  වර්ගය සහ ප්‍රමාණය ග්‍රෑම් ගසකටපෝෂක ප්‍රමාණය
ග්‍රෑම් පැලයකට            
යොදන කාලයයුරියාTSPMOPN      P2O5   K2O   
සිටුවීමට පෙර 7512025353415
පළමු අවුරුද්දමාස 4 වරක්9010020412812
02 වන අවුරුද්ද මාස 4 වරක්  14015030654218
03 වන අවුරුද්ද මාස 4 වරක්  19020050885630
03 වන අවුරුද්දෙන් පසු සෑම මාස 4 වරක්  150225110696366
අළුහුණු යෙදිය යුත්තේ PH අගය <5 පමණි.

ජල සම්පාදනය

ක්ෂේත්‍රයේ සිටවූ විගස පැළ වලට හොඳින් ජලය සැපයිය යුතුය. මුල් කාල වලදී ජල හිඟතාවක් නොවීමට වඟබලා ගත යුතු අතර වියළිකාල වලදී දින 2 කට වරක් ජල සම්පාදනය කරන්න. පස ඉක්මනින් වියළීයාම වළකාගැනීම සඳහා වියළි තණකොළ, පිඳුරු වැනි ද්‍රව්‍යකින් පැළය වටා සෙන්ටි මීටර් 10 - 15 ක් පමණ දුරක් තිබෙන පරිදි අතු විහිදී ඇති වපසරිය දක්වා වසුනක් යෙදීම සුදුසුය.

රෝග හා පළිබෝධ හානි
රෝග පාලනය

පයිටොප්තෙරා පාම්මෝරා නැමැති මෙම දිලීරය දූරියන් මුල්, කඳ, පත්‍ර හා ඵල වලට හානි කරයි. පැළය සිටුවීමේදී මනා ජල වහනයක් සහිත ස්ථානයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. කාබනික පොහොර භාවිතය, මනා ජල සම්පාදනය හා පොහොර යෙදීම මඟින් පැළ ශක්තිමත්ව තබා ගැනීමට හැකි වන අතර රෝගයට ඔරෝත්තු දීමේ හැකියාවද වැඩිවේ. රෝගී අතු හා රෝග ඵල ඉවත් කිරීමෙන් නිසි කප්පාදුවක් මඟින් ශාකයට හොඳින් හිරුඑළිය වැටීමට සලස්වා රෝගය පැතිරියාම පාලනය කරගත හැක.

Fruits_durian_piti
කෘමි හානි පාලනය
කඳ විදින පණුවන් (Stem borer)

මොවුන් කඳ විද එය තුලින් ඉහළට ගමන් කරයි. එතැන් සිට අත්ත වියළී මැරී යයි. මෙහිදී අතු කපා පුළුස්සා දැමිය යුතුය.

කොරපොතු කෘමීන් (Scale insects)

වියළි කාල වලදී පත්‍රයේ යටි පැත්තේ බහුලව දැකිය හැකිය. යුෂ උරා බීම නිසා පත්‍ර මත කහ පැහැති ලප ඇති වේ. හානිය උග්‍රවූ විට පත්‍ර වියලුණු ස්වභාවයක් ගන්නා අතර පසුව පත්‍ර හැලී යා හැක.

0 comments:

Post a Comment